අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත්, තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා.
තැපැල් ඡන්ද පත්‍රිකා වලට අදාළ තොරතුරු සඳහන් කරමින් මැතිවරණ කොමිසම මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.