මිනිස් වාසයට සුදුසු විය හැකි නව ග්‍රහලෝකයක් සොයාගනී
Thursday, 17 April 2025 - 15:43 | Views - 287
සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ජීවිය පැවැතිය හැකි බවට මෙතෙක් ලැබී ඇති ප්‍රබලම සලකුණක් ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය භාවිත කරමින් සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබී තිබෙනවා.

එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්විද්‍යාල විද්‍යාඥ කණ්ඩායමක් විසින් K2-18b නමින් හඳුන්වන ග්‍රහලෝකයේ වායුගෝලය අධ්‍යනය කරමින් මේ බව අනාවරණය කර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

පාථිවියේ සිට සැතපුම් ට්‍රිලියන 700ක දුරින් පිහිටි K2-18b ග්‍රහලෝකයේ ජිවය පැවැතිය හැකි බවට වන ප්‍රබල සාක්ෂියන් සොයාගැනීමට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා.

K2-18b ග්‍රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයකටත් වඩා විශාලත්වයකින් යුක්තයි.

නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්විද්‍යාල කණ්ඩායමක් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

ග්‍රහලෝකය කක්ෂගතව ඇති කුඩා රතු පැහැති සූර්යාගෙන් ලැබෙන ආලෝකයෙන් ග්‍රහලෝකයේ වායුගෝලයේ රසායනික සංයුතිය විශ්ලේෂණය කරමින් ජීවය සම්බන්ධ මෙම සොයාගැනීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව කේම්බ්‍රිජ් විද්‍යාඥ කණ්ඩායම සොයාගෙන ඇත්තේ K2-18b ග්‍රහලෝකයට අයත් වායුගෝලයේ ජීවය හා සම්බන්ධ රසායනික අණු පිහිටන බවයි.

ඩයිමෙතිල් සල්ෆයිඩ්, ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් අණු සංයෝග එම වායුගෝලයේ පැවැති අතර මෙම අණු පෘථිවියේ සාගර ප්ලවාංග සහ බැක්ටිරියා මගින් නිපදවන බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ මෙය සැබෑ ජීවීන්ගේ සොයාගැනීමක් නොව ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක දර්ශකයන් වන බැවින් මෙය ඉතා ප්‍රවේශමෙන් අධ්‍යනය කළ යුතු අතර තවත් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය බවයි.

මෙම ග්‍රහලෝකයේ වායුගෝලයෙන් අනාවරණය කරනගනු ලැබුව ඩයිමෙතිල් සල්ෆයිඩ්, ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් අණු සංයෝග හේතුවෙන් මෙම ග්‍රහලෝකය හයිසීන් ග්‍රහලොවක් ලෙස හඳුන්වනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top