පෙබරවාරි මාසයේදී මෙරට නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 1,770ක්
Thursday, 17 April 2025 - 11:13 | Views - 242
 
මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 1,770කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත සඳහන් කරනවා.
 
එමෙන්ම ජනවාරි මස අවසානය වන විට 2,018,996ක් වූ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව පෙබරවාරි අවසානය වන විට 2,020,766ක් ලෙස වාර්තා වූ අතර, එය සියයට 0.1ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
 
මෙම වසරේ මුල් මාස දෙක තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සියයට 0.6කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.
 
ශ්‍රී ලංකාවේ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 2024 දී සියයට 4.8කින් හෙවත් 91,371කින් ඉහළ ගොස් තිබෙනවා.
 
එමෙන්ම 2024 දෙසැම්බර් මාසයේදී ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 19,076කින් ඉහළ ගොස් තිබුණා.
 
කෙසේ වෙතත්, 2022 දී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති අනුපාතවල පෙර නොවූ විරූ ඉහළ යාමක් මධ්‍යයේ, 2022 දී රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු, ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 2023 දී සියයට 1.8කින් එනම් 39,991කින් පහත වැටී තිබෙනවා.
 
ඒ අනුව, අධි උද්ධමනයට එරෙහිව සටන් කිරීම සඳහා මහ බැංකුව 2022 අප්‍රේල් මාසයේදී පොලී අනුපාත තියුණු ලෙස ඉහළ නැංවූවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top