මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 1,770කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත සඳහන් කරනවා.
එමෙන්ම ජනවාරි මස අවසානය වන විට 2,018,996ක් වූ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව පෙබරවාරි අවසානය වන විට 2,020,766ක් ලෙස වාර්තා වූ අතර, එය සියයට 0.1ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
මෙම වසරේ මුල් මාස දෙක තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සියයට 0.6කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 2024 දී සියයට 4.8කින් හෙවත් 91,371කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම 2024 දෙසැම්බර් මාසයේදී ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 19,076කින් ඉහළ ගොස් තිබුණා.
කෙසේ වෙතත්, 2022 දී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති අනුපාතවල පෙර නොවූ විරූ ඉහළ යාමක් මධ්‍යයේ, 2022 දී රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු, ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 2023 දී සියයට 1.8කින් එනම් 39,991කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව, අධි උද්ධමනයට එරෙහිව සටන් කිරීම සඳහා මහ බැංකුව 2022 අප්‍රේල් මාසයේදී පොලී අනුපාත තියුණු ලෙස ඉහළ නැංවූවා.