දළදා වන්දනාව වෙනුවෙන් අද සිට විශේෂ රථවාහන සැලැස්මක්..
Thursday, 17 April 2025 - 10:06 | Views - 214
 
හෙට (18) ආරම්භ වන සිරි දළදා වන්දනාව හේතුවෙන් අද උදෑසන 6 සිට මහනුවර නගරයට රථවාහන ඇතුලු කිරීම සීමා කර තිබෙනවා.
 
නගරය තුළ ඇති විය හැකි අනවශ්‍ය තදබදය අවම කිරීම මෙහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
 
එමෙන්ම, බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දස දහසකට අධික පිරිසක් රාජකාරියේ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
 
එසේම, සිරි දළදා වන්දනාව හේතුවෙන් ලබන 21 වනදා සිට 25 වනදා දක්වා මහනුවර, වත්තේගම සහ දෙනුවර අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් 50 ක් සදහා නිවාඩු ලබා දී තිබෙනවා.
 
බැතිමතුන් පැමිණෙන වාහන නතර කිරීම සඳහා නගර සීමාවෙන් එපිට ස්ථාන 6ක් වෙන්කර ඇති බව පොලිසිය සඳහන් කළා.
 
ඒ අනුව, ගම්පොළ හා කොළඹ සිට පැමිණෙන වාහන ගැටඹේ හන්දියෙන් නවතා එම වාහන ගැටඹේ ක්‍රීඩාංගනය හා ගන්නෝරුව මාර්ගයේ නවතා තැබිය හැකියි. කුරුණෑගල - කටුගස්තොට මාර්ගයේ දෙසින් පැමිණෙණ වාහන 4 කණුව අසළ නතර කළ යුතුයි.
 
මඩවල මාර්ගයෙන් පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබිය හැකි අතර, මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රා කඩේ හන්දියෙන් ධර්මාශෝක මාවතෙන් නතර කළ යුතු වනවා.
 
මහියංගනයේ සිට පැමිණෙන වාහන පල්ලේකැලේ බණ්ඩාරනායක විද්‍යාල ක්‍රීඩාංගනයේ නවතා තැබිය යුතු අතර බදුල්ලේ සිට පැමිණෙන වාහන ගුරු දෙණිය ප්‍රදේශයේ නවතා තැබිය යුතුයි.
 
එම ස්ථානවල සිට සහන ගාස්තුවක් යටතේ දළදා මාලිගාව දක්වා පැමිණීමට විශේෂ බස් රථ සේවාවක් යොදවා තිබෙනවා.
 
එමෙන්ම, දෛනික අවශ්‍යතාවයන් සඳහා මහනුවර නරගයට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද රථගාල 12ක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
 
එමෙන්ම, සිරි දළදා වන්දනාවට පැමිණීමේදී විශාල ප්‍රමාණයේ ගමන් මලු, කැමරා,වීඩියෝ උපකරණ, සහ අනෙකුත් විද්‍යුත් උපකරණ රැගෙන ඒමෙන් වළකින ලෙස ද පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
හෙට(18) පස්වරු 3.30 සිට 5.30 දක්වා සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවන අතර අනිද්දා(19) සිට 27 වැනිදා දක්වා දළදා වහන්සේ වන්දනාවට අවස්ථාව හිමිවන්නේ දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා පමණයි.
 
මේ අතර, සිරි දළදා වන්දනාව වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මකයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top