දින දෙකට සුර් පිටගිය රියදුරෝ 800කට නඩු..
දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
පසුගිය 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී ඔවුන් හඳුනා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.
එසේම අද දිනයේද අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව, නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් මාර්ග වල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බව පොලිසිය පෙන්වා දෙනවා.
එබැවින්, අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනයෙන් වළකින්නැයි , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.