ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් මගින් දැනුම් දී තිබෙන්නේ, අද (16) සිට කෙටි පණිවුඩයක් (SMS) ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්රමාණවත් බවයි.
එසේම, ලංකා විදුලිබල මණ්ඩලය එම නිවේදනය මගින් , පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ දැක්වූ සහයෝගයට ද ස්තූතිය පිරිනමන බවද සඳහන් කර තිබෙනවා.