සුබ නැකතට වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ පැවති හිරු ටී.වී හිසතෙල් ගෑමේ මහෝත්සවය..
Wednesday, 16 April 2025 - 12:00 | Views - 263
හිරු ටී.වී.සංවිධාන කළ හිසතෙල් ගෑමේ මහෝත්සවය සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාර පරිශ්‍රයේදීයි පැවැත්වුණා.

ඒ අද පූර්ව භාග 09.04ට යෙදුණු සුබ නැකතටයි.

හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

ඒ අනූව උදා වූ අලුත් අවුරුද්දේ ඉටු කිරීම සඳහා ඉතිරිව තිබූ ප්‍රධානම නැකැත් චාරිත්‍රය වූ හිසතෙල් ගෑමේ චාරිත්‍රය විශාල පීරිසකගේ සහභාගීත්වයෙන් පෙරවරුවේ සිදු කළා.

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අතරින් වඩාත්ම සුවිශේෂී නැකතක් වන්නේ හිසතෙල් ගෑමේ නැකැත් චාරිත්‍රයයි.

එම චාරිත්‍රය ඉටු කිරීමෙන් නිරෝගී භාවය හා ආයුෂ වර්ධනය වන බවට පුරාතනයේ සිට මෙරට ජනයා අතර පවතින විශ්වාසයක්.

ජීවිතයට ආශිර්වාදයක් එක්කරන මෙම නැකැත් චාරිත්‍රය වෙනුවෙන් හිරු ටීවී සංවිධාන කරන හිසතෙල් ගෑමේ මහෝත්සවය මෙවර පැවැත්වුණේ සුවහසක් ජනයාගේ වන්දනාවට පාත්‍ර වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාර පරිශ්‍රයේදියි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top