මේ ගමන විශේෂ වෙන්නේ කාන්තාවන්ට.. අතමිටසරු ඕනෑම අයෙකුට පහසුවෙන්ම යන්න පුළුවන් ගුවන් ගමනක් ගැන ඇසෙන කතාව මෙන්න..
Monday, 14 April 2025 - 17:04 | Views - 268
කාන්තාවන්ට කළ හැකි දේ බොහෝමයි.. මේ කියන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. ඔවුන් මේ සූදානම් වන්නේ විශේෂ වැඩකට.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි... 

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිටින බවට වාර්තා වෙනවා..

කාන්තාවෝ හය දෙනකු පමණක් මේ අයුරින් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්..

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගම, අතමිටසරු ඕනෑම අයකු ගගන සංචාරකයන් ලෙස පෘථිවි කක්ෂයට ගෙන ගොස්, අභ්‍යවකාශයේ අත්දැකීම විඳ ගැනීමට සලස්වා ආපසු පෘථිවියට රැගෙන ඒම සිදු කරයි. ඒ වසර කීපයක් තිස්සේයි..

බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ හිමිකරු ඇමෙරිකන් ව්‍යාපාරික ජෙෆ් බෙසෝස් වෙනවා... අබ්‍යවකාශයට යෑමට සූදානමින් සිටින කාන්තාවන් 6 දෙනාගෙන් කෙනකු වන්නේ ලොරේන් සැන්චේස්යි.. මැය ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක වන අතර, ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙනවා..

ඊට අමතරව, ඇමෙරිකන් පොප් ගායිකා කැතී පෙරී සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං ද අභ්‍යවකාශ සංචාරයට එක් වීමට නියමිතයි.. ඊට එක්වෙන අනෙක් තිදෙනා වන්නේ අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින් යන අයයි..

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top