පළාත් කිහිපයකට අද සවසත් තරමක තද වැසි..
සමහරවිට ඔබට කාලගුණ ගැන ඒ තරම් අවදානයක් යොමු නොකෙරුවාට සමහර විට ඔබට මේ දේවල් ගැන කලින්ම දැනගන්න එක වැදගත් වේවි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...
ඒ අනුව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට එලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ...
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා...