"රටත්, ජනතාවත් දිනවීමට එකම අරමුණකට පෙලගැසෙමු" ජනපති ඉල්ලයි..
නව ආර්ථික සමාජීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කරගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස එළඹෙන අලුත් අවුරුද්දේ සවිමත්ව සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙලගැසීම සදහා සියලු දෙනාට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
උදාවූ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්රහණ රැසක් අත්පත්කරගනිමින් හා යහපත් මෙන්ම අලුත් දේශයක් නිර්මාණය කරගැනීමේ සිහිනය වෙනුවෙන් වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවක බවයි.
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සදහා එක්ව කටයුතු කරන අතරතුර අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අලුත් අවුරුද්ද පිළිගත යුතු බවයි උදාවූ නව සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක්කරමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියද කියා සිටියේ.