වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදා වුණා...
හැමෝම බලාගෙන සිටි ඒ නැකත ඔන්න මේ මෙහොතේ උදාවුණා...
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත අද (14) පූර්වභාග 06:44 ට උදා වුණා..
එහිදී, මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ..
නව අවුරුදු උදාව අද (14) පූර්වභාග 03:21 ට යෙදුන සුභ නැකතින් උදා වුණා..
එමෙන්ම, අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය ඊයේ (13) අපරභාග 08:57 ට ආරම්භ වූ අතර, එය අද (14) පූර්වභාග 09:45 ට අවසන් වනවා..
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වනදා පූර්වභාග 09:04 ට යෙදෙන අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන්පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව සඳහන්..