අඩු වයසින් මියයන හෘද රෝගීන් ගැන විශේෂ අනාවරණයක්..
Thursday, 10 April 2025 - 12:45 | Views - 335
මේ කියන්න යන්නේ මෙරට සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කළ තවත් යමක් ගැනයි.. 

අඩු වයසින් හෘදයාබාධ සහ හෘදය ආශ්‍රිත රෝග වැළඳී පුද්ගලයින් මිය යාමේ වැඩි අවදානමක් පවතින බවට මේ වන විට හෙළිවී තිබෙනවා..

පසුගිය වසරේ පමණක් හෘද රෝග වැළඳී පුද්ගලයින් 7777දෙනෙකු මියගොස් ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් ප්‍රකාශ කරන්නේ...

ඇය සඳහන් කළේ වයස අවුරුදු18ත් - 45ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් බොහෝ පිරිසක් හෘදය ආශ්‍රිත රෝග වැළඳීමෙන් මියගොස් ඇති බව‍යි..

බොහෝ අවස්ථාවල සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාවල් නොසලකා හැරීම සහ තෙල් සහිත ආහාර ගැනීම මෙලෙස වැඩි වශයෙන් හෘදයාබාධ ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍යවරු පවසනවා..

හැකි සැම විටම ව්‍යායාම කිරිමට සෑමදෙනාම උනන්දු වුවහොත් හෘදයාබාධ වැළඳීම වලක්වාගත හැකි බවද වෛද්‍යවරු මෙහිදී වැඩිදුරටත් පැවසුවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top