අධිවේගයේ ගනුදෙනුත් දැන් ලේසි වෙන්නයි යන්නේ.. නියමු ව්‍යාපෘතිය ගැන ඇසෙන කතාව මෙන්න..
අපි බොහෝ දෙනෙක් අධිවේගී මාර්ගය භාවිතකරගෙන අපේ ගමන් බිමන් ලේසි කරගන්නවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ දී අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා කාඩ්පත් (debit card & credit card) සහ QR code මගින් ගෙවීම් කටයුතු කිරීමේ පහසුකම සලසා දීමට තීරණයකර තිබෙනවා..
කාඩ්පත් මගින් ගණුදෙනු කිරීමට අදාලව නියමු ව්‍යාපෘතීන් මේ සතියේ කොට්ටාව සහ කඩවත හුවමාරු වල දී ඇරඹීමට නියමිත අතර මැයි මස සිට ලංකාවේ සියලුම අධිවේගී මාර්ගවල මෙම කාඩ්පත් මගින් ගෙවීමට අදාලව කටයුතු සුදානම් කිරීමට නියමිතයි..
කිසිඳු අමතරව ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ජනතාවට ලබන මස සිට මෙම සේවාව ලබාගත හැකි බවයි වාර්තා වෙන්නේ..