ඇත්තටම අප්‍රේල් 15 නිවාඩු දිනයක්ද..? සමාජ මාධ්‍යය ඔස්සේ පැතිරෙන පුවත ගැන ඇසෙන කතාව මෙන්න..
Thursday, 10 April 2025 - 12:39 | Views - 263
මේ මොහොත වන විටත් සමාජ මාධ්‍ය එක්ක එක්වෙලා ඉන්න ඔබ මේ පුවත ගැන හරි තොරතුරක් දැනගන්න බලාගෙන ඇති.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. 

අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍යය ඔස්සේ පැතිරෙන පුවත් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, අද (10) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගෙන් ප්‍රශ්න කර සිටියා

එහිදී අමාතයවරයා සඳහන් කළේ, එදින නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

''ඒ සතියේ සිකුරාදත් නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත්වෙලා තියෙනවා මහ සිකුරාදා දිනය. ඒ නිසා වැඩ කරන දවස් තුනයි තියෙන්නේ. අපි තාම තීරණයක් අරගෙන නැහැ මේ දවසේ නිවාඩු දවසක් බවට පත් කරනවද කියන එක. ඔබතුමා ඉදිරිපත් කරපු කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමතියි. නමුත් තාම එබඳු තීරණයක් අරගෙන නැහැ.''

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top