මේ දවස්වල බොහෝ ආයතනවලින් අවුරුදු දීමනා ලබාදීම සාමාන්‍ය දෙයක්..
ඒත් මේ සේවකයන් දින ගණනක් තිස්සේ ඔවුන්ගේ දීමනා ලැබෙන තුරු මග බලා ඉඳලා.. ඉතින් මේ කලබලයට හේතුව මොකක්ද...? මේ කියන්නේ අන්න ඒ ගැනයි..
මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට අවුරුදු බෝනස් දීමනාව ලබාදීමට නොහැකි බව පැවසීම මිසා ඔවුන් විසින් ආයතන ප්‍රධානීන් නිවාස අඩස්සියේ තබා විරෝධතාවයේ නියැලී තිබෙනවා..
මේ හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණා..
අමෙරිකාව විසින් මෙරටට පැනවූ තීරු බදු හේතුවෙනුයි මෙසේ බෝනස් දීමනාව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ...
අවුරුදු බෝනස් දිමනාව ලබා නොදීමට එහි පාලන අධිකාරිය විසින් ඊයේ උදෑසන ගත් තීරණයට විරෝධය පලකරමින් සේවක සේවිකාවන් සේවයෙන් බැහැරව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පිවිසුම් දොරටුව අසල රැඳී සිට ඇති අතර, ආයතන ප්‍රධානීන් සමග ඔවුන් පැවැත්වූ සාකච්ඡාව ද උණුසුම් තත්ත්වයෙන් අවසන් වී තිබෙනවා...
මේ හේතුවෙන් රාත්‍රී කාලයවනතෙක් විසඳුමක් නොමැති වීම නිසා සේවක සේවිකාවන් එහි පාලන අධිකාරිය නිවාස අඩස්සියේ තබා ආයතනයේ පිවිසුම් දොරටුව අගුලු දා එය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයේ නියැලී තිබුණා...
මෙහිදී විරෝධතාකරුවන් පවසා සිටියේ අවුරුදු බෝනස් දීමනාව ලබාදෙනතෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි...
මේ සම්බන්ධව ඇඟලුම් කර්මාන්තශාලාවේ ප්‍රධානීන් විසින් වැලිගම පොලිසියට දැන්විමත් සමග විශේෂ පොලිස් ආරක්ෂාවක්ද එම ස්ථානයේ යොදවා තිබූ නමුත් අද උදෑසනවනතෙක්ම සේවක සේවිකාවන් ආයතනයේ පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නියැලී තිබෙනවා...