ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටසක් ගිලා බසී.. ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න..
දෙස් විදෙස් කාගේත් ආකර්ශනය දිනාගත් ඓතිහාසික වටිනාකමකින් යුත් තැනක් ලෙස ගාලු කොටුපවුර හඳුන්වාදෙන්න පුළුවන්..
ගාලු කොටුපවුරට කැමැත්තක් දක්වන ඔබට මෙය විමතියට කාරණයක් වෙන්නත් පුළුවන්.. මොකක්ද මේ ආරංචිය..?
ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ඊයේ ගිලා බැසීමකට ලක්ව තිබෙනවා..
අඩි දහයක පමණ කොටසක් මෙලෙස ගිලා බැස ඇති අතර, ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් පමණ වෙනවා..
මේ හේතුවෙන් ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා..
මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළ බවත්, ප්රදේශවාසීන් පවසනවා..