පිළිස්සුම් වේදනාව ඉක්මණින් නැති කරගන්න මෙන්න පහසු ක්‍රම කිහිපයක්..
Wednesday, 09 April 2025 - 11:45 | Views - 365
දැන් ඉස්සරහට එන අවුරුදු කාලයත් වැඩිපුර ගින්දරෙන් අනතුරු කරගන්න කාලයක් නේ..

ඒ නිසා දැවීම් පිළිස්සීම් වලින් සිදුවෙන අනතුරකදි ඒ සඳහා ක්ෂණිකව කරගත හැකි සරල ප්‍රතිකර්ම මේ වෙලාවේ දැනගෙන සිටීම හරිම වටිනවා.. ඔබට හෝ හිතවතෙකුට ඒවගේ හදිසි අනතුරක් වුණ වෙලාවකදි නිකරුනේ වරු ගණන් දුක් විඳ විඳ ඉන්නෙ නැතුව අපේ හෙළ වෙදකමේ, ආයුර්වේද වෙදකමේ එන මේ අත් බෙහෙත් ටික හදලා තියන්න..

ඒ දැවිල්ල වේදනාව සුළු මොහොතකින් සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න ඔබට පුළුවන්..

ගෙදර ලස්සනට වවන මල් ගහ හොඳ ඖෂධයක් කියලා කවදාවක්වත් ඔබ හිතන්නේ නැතුව ඇති.. අතක් පයක් පිච්චුන වෙලාවක විනාඩි 05ක 10ක වගේ පුංචිම පුංචි කාලයකදි දැවිල්ල වේදනාව සම්පූර්ණයෙන්ම යටපත් කරන විශ්මිත හැකියාවක් මේ ලස්සනට දම් පාට මල හැදෙන හෙන්දිරික්කා ගහේ කොළවලට තියෙනවා...


ඔන්න අද ඉඳන් අතක් පයක් පිච්චුනාම කෝමාරිකා කෑල්ලක, කුකුල් තෙල් ටිකක, මී පැණි ටිකක විතරක් පිහිට පත පතා ඉන්නෙ නැතිව මේ විශ්මිත අත් බෙහෙතුත් සකසා භාවිතා කර බලන්න..

ඔබගේ දැවිල්ල වේදනාවට සහනය ගෙන එන ඖෂධයක් මීට වඩා නෑ කියලා ඇත්තටම ඔබට එදාට හිතේවි.. ඒත් එක්කම ඔබ මෙන්න මේ වගේ ක්‍රමත් ඔබට අත්හදා බලන්න හැකියාව පවතිනවා..

හෙන්දිරික්කා ප්‍රතිකාරය
දම් පාට මල් පිපෙන හෙන්දිරික්කා ගහේ කොළ දෙතුන් මිටක් පමණ අරගන්න. එය හොඳින් අඹරා පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් සමඟ මිශ්‍රකර පිළිස්සුනු ස්ථානයේ ආලේප කරන්න. විනාඩි 05ක් වැනි කුඩා කාලයකදී ඔබේ දැවිල්ල වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යාවි.

ගොඩ කූඩළු ප්‍රතිකාරය
ගොඩ කූඩළු දෙතුන් මිටක් අරගෙන හොඳින් අඹරා තල තෙල් මිශ්‍රකර ආලේප කරන්න.

බෙහෙත් ගොළුබෙලි සාරය
වල් හබරල පෙති ටිකක් ගෙන එය හොඳින් කොටා යුෂ වෙන්කරගන්න. එම යුෂ සමඟ බෙහෙත් ගොළුබෙල්ලන්ගේ සාරය මිශ්‍ර කර ආලේප කරන්න.
(මෙය දේශීය වෙදකමේ බල මහිමය ඔබට දැක්වීම සඳහා පමණි. කිසිම විටෙක සත්වයකුගේ ප්‍රාණයක් නැසීම අනුමත නොකෙරේ.)

අළු කෙසෙල් කඳන් යුෂ ප්‍රතිකාරය
මෙම ප්‍රතිකාරය වඩා සුදුසු වන්නේ මුළු සිරුරම පිළිස්සුන අයෙකු සඳහායි.
අලු කෙසෙල් කඳක් අරගෙන පළමුව එහි පිලි කිහිපයක් ඉවත් කරගන්න. ඉන්පසු ඇති කඳ කොටස හොඳින් කපා පෙති ගසා වංගෙඩියක දමා කොටා එහි යුෂ වෙන්කර මුළු සිරුර පුරාම ආලේප කරන්න. රෝගියාගේ දැවිල්ල සහ වේදනාව ඉක්මනින්ම අඩුකරගත හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top