අද සිට දින 12 ක්‍රියාත්මක ඒ විශේෂ සේවාව ගැන ඔබත් දැනුවත්ද..?
Wednesday, 09 April 2025 - 11:43 | Views - 244
මේ වෙනකොට අලුත් අවුරුදු සිරිය හැම නගරයකම ගමකම තියනවා..

මේ කියන්න යන්නේ අවුරුද්දට ගම් බිම් බලා යන්න මග බලාගෙන ඉන්න ඔබට විශේෂ වෙන කතාවක්.. සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අද සිට 21 වැනි දා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා..

ඒ අනූව මහනුවර ,පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල් , දඹූල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5ක් කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් දුර ගමන් බස්රථ සේවා ක්‍රියාත්මක කරනු ලබන බවයි දැනගන්නට ලැබෙන්නේ...

ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස්රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා..

මාකුඹුර , කඩවත , කඩුවෙල හා කොළඹ බැස්ටියන් මාවත කේන්දු කර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල , මාතර , බදුල්ල , තංගල්ල , කතරගම වැනි ගමනාන්ත සඳහා අතිරේක බස්රථ ගමන්වාර 350ක් යෙදවීමටද කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවල සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවා තිබෙනවා..

මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා ගමන් ගැනීමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස්නැවතුම්පළවලට ලක්ෂ 8කට ආසන්න මගී ජනතාවක් පැමිණෙනු ඇති බවට, ජාතික ගමනාගමන කොමිෂන් සභාව අපේක්ෂා කරනවා..

මෙම මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් , ආරක්ෂාව සහ ප්‍රථමාධාර අදාළ බස් පර්යන්තවලට සපයා ඇති අතර විශේෂ රාජකාරි සඳහා නිලධාරීන් ද යොදවා ඇති අතර,
ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර තිබෙනවා..

1955 ක්ෂණීක දුරකතන අංකය සහ 071-2595555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවද එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ

එසේම, ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top