දෙවුන්දර දී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කළ වෙඩික්කරු මාට්ටු..
Tuesday, 08 April 2025 - 8:34 | Views - 423
දෙවිනුවර වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවක්කුකරු ශ්‍රී ලංකා හමුදාවෙන් පලාගිය සෙබළෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල් කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ පසුගිය (21) රාත්‍රී 11.45ට සිදුකල වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් ටී - 56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිණි අවි දෙකකින් මෙම ටෙඩි තැබීම සිදු කොට පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනාගේ යහලුවෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිනෙමින් සිටියදී පසු පසින් පැමිණි වැන් රථය යතුරු පැදියේ හප්පා යතුරු පැදියේ ගමන් කල තරුණයින් දෙදෙනාට ඉන් අනතුරුව මෙම ටෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ටී - 56 උණ්ඩ කොපු 39ක් ජීව උණ්ඩ 02ක්ද මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02 ක් හා ජීව උණ්ඩ 02 ක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top