ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජ්‍යාත්‍යන්තර සන්නාමය, “හිරු මෙගා බ්ලාස්ට්” අද ගාල්ල කරන්දෙණියේදී..
ශ්‍රී ලාංකේය ප්‍රසංග කලාව නව මානයකට ඔසවා තබමින් රසික හදවත් දිනාගත් මෙරට එළිමහන් ප්‍රාසාංගික කලාවේ ජාත්‍යන්තර සන්නාමයක් ලෙස “හිරු මෙගා බ්ලාස්ට්” හඳුන්වාදෙන්න පුළුවන්..
ඔබට අද රාත්‍රී 8 සිට ගාල්ල කරන්දෙණිය ටී.ඩී. සමරවීර ක්‍රීඩාංගණයේදී ඒ අත්දැකීම යළි සමීප කරන්න හිරු අපි සූදානම්..
ප්‍රාසාංගික කලාව ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ඔසවා තැබූ හිරු මෙගා බ්ලාස්ට් ජාත්‍යන්තර අත්දැකීම මෙවර රැගෙන එන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිරු සමග බැදුණු සැමට පිදෙන තිළිණයක් ලෙසින්...
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ නිර්මාණාත්මක සංකල්පයක් මත බලගැන්වෙන හිරු මෙගා බ්ලාස්ට් දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම සංගීතයෙන් හැඩ කරන්නේ රොෂාන් ප්‍රනාන්දු ප්රමුඛ Flashback සංගීත කණ්ඩායමයි...
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විශ්මිත ආලෝක රටාවන්ගෙන් සහ අද්විතීය නැවුම් තාක්ෂණයෙන් යුත් ශබ්ද පරිපාලනයෙන් හැඩවෙන මෙවර හිරු මෙගා බ්ලාස්ට් ජාත්‍යන්තර වේදිකාව ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සමගින් නර්තනයෙන් හැඩ කරන්නේ නිරෝෂා තලගල ප්රමුඛ යූ ඩාන්සර්ස් නර්තන කණ්ඩායමයි...