දිවයිනට පැමිණි ඉන්දීය අගමැති මෝදි පිළිගැනීමේ නිල උත්සවය නිදහස් චතුරස්රයේදී..
නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා.
ඒ පිළිබද සජීවි තොරතුරු හිරු ටී වී ඔස්සේ උදෑසන 09 සිට විකාශය කෙරෙනවා.
දෙතින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය මෝදී ඊයේ රාත්රියේදී දිවයිනට පැමිණියා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින්.
ඔහුත් සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුලු 60 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැදීමක් යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.
නිදහස් චතුරස්රයේ පැවැත්වෙන නිල පිලිගැනීමේ උත්සවයෙන් අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමේ අවස්ථාවට ද එක්වනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ද්විපාර්ශවීය සාකච්ඡා අද පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මෙහිදී ද්විපාර්ශවික නියෝජිතයින් අතර හමුවකට සහභාගී වීමට සැලසුම් කර තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවලට අදාළ අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදු වනු ඇති.
ඉන්දියානු සහායෝගීතාවයෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙටි්රක් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය හා ඉන්දීය පරිත්‍යාගයක් ලෙස ආගමික ස්ථාන 5,000ක සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත්, අග්‍රාමාත්‍ය මෝදි අතින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඉදි කළ මහව -අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කළ මහව - ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් එක්වනු ඇති.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමු වී සාකච්ඡා කිරීමට නියමිත අතර ඔහු දිවයිනෙන් පිටත්ව යෑමට ඇත්තේ හෙට පස්වරුවේයි.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිතිකොට ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශවල අවට මාර්ග අදත් විටින් විට වසා තබන බව පොලිසිය ප්‍රකාශ කළා.
ඊට අමතරව ඔහුගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් හෙට අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහා බෝධිය සහ අනුරාධපුර දුම්රියපොළ ආශ්රිත ප්‍රධාන මාර්ග එදින පෙරවරු 7.30ත් 10.30ත් අතර කාලයේ වරින් වර වසා තැබෙනු ඇති.
එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ගේ වාහන විකල්ප මාර්ග වෙත යොමු කරන බවද පොලිසිය ප්‍රකාශ කළා.