"මගේ කොල්ලාගේ ඇඟේ ඇයි මෙච්චර පාරවල්.. පණ තියෙද්දී දුන්නා නම් මගේ හුස්ම දීලා මගේ රන්කඳ අද ගෙදර අරන් යනවා.. " ඔවුන් මේ සියල්ල සත්සරගේ මවට වසන් කළාද..?
Friday, 04 April 2025 - 13:27 | Views - 227
ඔහු කඩවසම් තරුණයෙක්..

රැකියාවක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයට පැමිණි ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකු හිතන්න නැතුව ඇති..

ඒත් දැන් ඔහු නිහඬයි.. සත්සර නිමේෂ්, වයස අවුරුදු 26ක් වන මේ කඩවසම් තරුණයාගේ මරණය පිටුපස තවත් සැඟවුණු කතාවක්ද..?

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා...

පසුගිය පළමුවනදා රාත්‍රියේ රාජගිරිය - නාවල පාර, ශ්‍රී රතනජෝති මාවතේ නිවසකට ඇතුලු වූ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 තරුණයෙකුයි මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණේ..
.
ඔහු පොලිසියට රැගෙන ඒමේන් පසු කලහකාරි ලෙස හැසිරී තිබෙන බවටයි වාර්තා වෙන්නේ..

අනතුරුව අදාළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම නිසා ඔහු මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්..

කෙසේ වෙතත්, පසුව රෝහලේදී එම සැකකරු මියගොස් තිබූ අතර, ඉන් අනතුරුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ..
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top