"අනේ මං රත්තරං බඩු ටික හරි දෙන්නම්, මේ ප්‍රශ්නය මෙතනින් නවත්තන්න.." සැමියාගේ වැරැද්ද නිසා ඇය රියදුරු ඉදිරියේ හඬා වැටෙයි..
Friday, 04 April 2025 - 13:26 | Views - 142
ඔහු මේ ගමන ආවේ ඇත්තටම මිල ගණන් ගැන හරි හැටි නොදැනද..? 

අවසානයේ ඔහු කළ දේ නිසා ගමේ හැමෝම ඉස්සරහා මේ පවුල ලැජ්ජාවට පත් වෙලා..

පවුලේ සියලු දෙනාම මැදිහත් වෙලා කොහොම හරි ඒ ප්‍රශ්නය විසඳුවත් ඒ ලැජ්ජාවෙන් බේරෙන්න නම් ඒ අයට පුළුවන්කමක් ලැබිලා නැහැ..

ප්‍රසිද්ධ කුලී රථ සමාගමකට අයත් වාහනයක් කුලී පදනමට රැගෙන අගනුවර ප්‍රදේශයේ සිට දකුණේ ගම්බද ප්‍රදේශයකට ගොස් කුලී මුදල නොගෙවා පලාගිය සැමියා බේරාගන්න බිරියකට රත්තරන් ආභරණ උකස් කිරීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා..

උජාරුවට හැඳ පැලඳගත් සැමියා ගමට යාමට මෙරට කුලීරථ සමාගමක අන්තර්ජාල යෙදුම හරහා කුලී රථයක් වෙන්කර ගෙන තිබුණා... ඔහු ඉකුත් දිනක රාත්‍රියේදී කුලී රථ සමාගමෙන් ලබාගත් වාහනයෙන් අගනුවර සිට සැතපුම් සියයකට වැඩිදුරක් ගෙවා සිය නිවෙසට පැමිණි ඇති අතර ඔහු නිවෙස ආසන්නයේ දී වාහනයෙන් බැස කුලී මුදල නොගෙවා පලාගොස් ඇති බව පැවසෙන්නේ...

කුලී මුදල නොලැබීම නිසා අසීරුතාවට පත් කුලී රථයේ රියැදුරු නීතියේ පිහිට පැතුවා..

කුලී රථ රියැදුරුගේ පැමිණිල්ලේ සඳහන් තොරතුරුවලට අනුව සැකකරුගේ නිවෙසට ගොස් පරීක්ෂා කිරීමේදී ද සැමියා පලාගිය බව සැල වී ඇති අතර, එලෙස පලාගිය සැකකරුගේ බිරිය සහ ඇයගේ මව්පියන් තමන් සන්තකයේ තිබූ රත්තරන් ආභරණයක් උකස් කර සම්පූර්ණ කුලී මුදල ගෙවා දැමීම සිදුකළා.. මුදල් ලැබුණු නිසා වැඩිදුරටත් නීතිමය කටයුතු අවශ්‍ය නොවන බවට එහිදී කුලී රථ රියැදුරු ප්‍රකාශ කිරීමෙන් සිද්ධිය සමථයකට පත් වූ අතර සිද්ධිය ප්‍රදේශය පුරා ළැව් ගින්නක් මෙන් පැතිරයාමට වැඩි කාලයක් ගත වී නැහැ..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top