''ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය ලංකාවේ ආර්ථීකයට බලපෑමක්''
Thursday, 03 April 2025 - 9:18 | Views - 271

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ලැබෙන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 44 තීරු බද්දක් පැනවීමට ගත් තීරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තීරණයත් සමග ඇතැම් කර්මාන්තශාලා වැසී යාමක් ද පවතින බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් 25 ක් සදහා තීරු බදු ප්‍රකාශයට පත් කර ඇති අතර එය අනිද්දා සිට ක්‍රියාත්මකයි.

අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10%ක අවම තීරු බදු ක්‍රියාත්මක බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ.

මීට අමතරව වියට්නාමයට 46%ක තීරු බද්දකුත්, චීනයට 34%කන්, ඉන්දියාවට 26%කත් තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

යුරෝපා සංගමයට 20%කත්, තායිවානයට 32%කත්, ජපානයට 24%කත්, දකුණු කොරියාවට 25%කත්, තීරු බදු ක්‍රියාත්මකයි.

තායිලන්තයට 36%කන්, ස්විට්ටර්ලන්තයට 31%කත් සහ බි‍්‍රතාන්‍ය, බ්‍රසීලය, සිංගප්පූරුව, චිලි, ඔස්ට්‍රේලියාව, තුර්කිය සහ කොළොම්බියාවට 10% බැගින්ද තීරු බදු පනවා තිබෙනවා.

බංග්ලාදේශයට 37%ක සහ පකිස්ථානයට 29%ක් ලෙස තීරු බදු පැනවීමටයි ට්‍රම්ප් පරිපාලනය තීරණය කළේ.

පිලිපීනයට 17%ක බදු පනවා තිබෙනවා.

2024 වසරේ දී අමෙරිකාව මෙරටින් ඇමරිකානු ඩොලර් බිලියන 3 කට වඩා ආනයනය කර තිබුණා.

මෙම නව තීරු බදු පැනවීමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවටයි මත පළ වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top