hatGPT ගිබ්ලි විලාසිතාවෙන් සමාජ මාධ්‍ය පිරී ඉතිරී යයි
Thursday, 03 April 2025 - 8:24 | Views - 238
ChatGPT හි රූප උත්පාදන මෙවලම භාවිතයෙන් Ghibli-විලාසිතාවේ AI කලාව නිර්මාණය කිරීමේ උන්මාදය නිසාවෙන්, පසුගිය සතියේ OpenAI හි chatbot සඳහා පරිශීලකයින්ගේ වාර්තාගත වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
ලොව පුරා සිටින පරිශීලකයින් ප්‍රසිද්ධ අධ්‍යක්ෂක හයාඕ මියාසාකි විසින් ආරම්භ කරන ලද "Spirited Away" වැනි චිත්‍රපට සඳහා ප්‍රසිද්ධ, Studio Ghibli මත පදනම් වූ මෙම රූප භාවිත කිරීමත් සමඟ මේ රූපවලින් සමාජ මාධ්‍ය පසුගිය දිනවල පිරී ඉතිරි යන්නට වූ බවද මාධ්‍ය පෙන්වා දෙනවා.
ChatGPT හි මෙම නවතම විශේෂාංගය නිසා, ගිබ්ලි චිත්‍රපටවලට ලොල් වූ රසිකයින්ට තමන්ගේම සිහින ලෝකය නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදා වී ඇති අතර මෙම විශේෂාංගය ඉදිරියේදී තවත් ජනප්‍රිය වනු ඇති බවට විචාරකයින් පෙන්වා දෙනවා.
Share This Article