ව්‍යාජ සෙව්වන්දි කෙනෙක් අනුරාධපුරින්..
Wednesday, 02 April 2025 - 9:41 | Views - 405
 

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි සොයා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

ඒ, ඇය එම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට ලැබුණු තොරතුරක් මතයි.

එහිදී ඇයගේ රුවට සමාන කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත්, ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ.

මේ අතර, ගම්පහ - උග්ගල්බොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ යතුරුපැදියකින් ගමන්ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ පොරබැදීමකින් රාජකාරි ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි තැබීම සිදු වූ බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top