ගෙදරම සුවඳ කරන්නේ ලස්සන කරන්නේ පුංචි මල් කැකුළු..
එයාලාගේ පවුලටත් ඒ සතුට අඩුවක් නැතුව තිබුණේ, පුංචි මල් කැකුළු තුනක දඟකාර කටකාරකම්වලින් මුළු නිවසම පිරී ගිය නිසා කිව්වොත් හරි..
ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ආරම්භ වුණේ හිතුවේ වත් නැති විදිහකටයි.. ඒත් ඒ ආදර කතාව මේ තරම් ඉක්මනට අවසන් වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. මල් වගේ ලස්සන පුංචි අහිංසක පැටව් තුන්දෙනෙක් අද අම්මා , තාත්තා නැතුව මේ ලෝකයේ තනි වුණා.. ඒ විතරක් නෙවෙයි, මේ යුවල දැන් එකම ස්ථානයක මිහිදන් වෙලා.. මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි..
මීරීගම – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 18වැනිදා මධ්‍යම රාත්‍රියේ සිදු වූ බිහිසුණු මාරක රිය අනතුරින් මරුමුවට පත් වු කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා ඒකක ප්‍රධානි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය වූ සතීෂා නිලන්ති මහත්මිය ද තම තුන් නිවුන් දරුවන් අතහැර පසුගියදා 26වැනිදා ජීවිතයෙන් සමු ගත් අතර, ඇයගේ අවසන් කටයුතු සෙනසුරාදා සිදු කරනු ලැබුවා..
මොවුන් වාහන සේවා ආයතනකින් ලබා ගත් වෑන් රථයකින් වන්දනා ගමනට කථිකාචාර්යවරයා සමඟ බිරිය සතීෂා නිලන්ති, ඇයගේ නිවුන් දරුවන් තිදෙනා, මව, සොහොයුරා, සොහොයුරාගේ බිරිය හා නිවුන් දරුවන් බලා ගැනීමට ආචාර්යවරයාගේ ගෝලයකු ද ඇතුළත් වූ අතර, මේ වන්දනා ගමන නිම කර නැවත ඉකුත් 18වැනිදා තම නිවෙස් බලා ඔවුහු පැමිණෙමින් සිටියා..
එහිදී ඔවුන් ගමන් ගත් වෑන් රථය ඵහි රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම අධිවේගී පිවිසුම ආසන්නයේදී සිමෙන්ති පටවා ගත් ලොරි රථයක ගැටී අනතුරට ලක්වී තිබුණා.. මේ අනතුර සිදුවන විට වෑන් රථය මීරිගම දෙසට ධාවනය වූ අතර එම දිශාවටම ඉදිරියෙන් ලොරිය ධාවනය වෙමින් තිබී ඇති අතර, මේ අනතුර සිදු වූ ස්ථානයේදීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මරුමුවට පත්වුණා...