ඔබත් මේ කර්මාන්තවල නියැලෙන අයෙක්ද..? ඔබට ලැබෙන්න යන රක්ෂණය ගැන එහෙනම් දැනුවත් වෙන්න..
Tuesday, 01 April 2025 - 19:51 | Views - 136
දේශීයව මෙන්ම විදේශිය පවා බොහෝ ඉල්ලුමක් ඇති බෝග ලෙස කිතුල්, පොල් සහ තල් කර්මාන්ත හඳුන්වාදෙන්න පුළුවන්.. 

මේ කියන්න යන්නේ ඒ කර්මාන්තවල නියැලුණු ඔබට සුබ පණිවිඩයක්..

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන් සදහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇතිබවට වාර්තා වෙනවා..

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් මෙය සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි පවසනවා..

ඒ අනුව කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියැලී සිටින කාර්මිකයන් ජීවිතය පරදුවට තබමින් කිතුල්, පොල් සහ තල් ගස්වල නැග තම කර්මාන්තය කර ගෙන යාමේ දී විවිධ අනතුරුවලට ලක්වීම පිළිබඳව සළකා බලා එවැනි අවස්ථාවන්හිදී ඔවුන්ගේ පිළිසරණය වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණා.. එසේම, මේ යටතේ රුපියල් 500,000, රුපියල් 1,000,000 සහ 2,000,000 යන රක්ෂිත ආවරණථ මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල්ගත වීමේ දී ද රක්ෂණ ආවරණ ලබාදෙන බවයි..

මෙම රක්ෂඛ ආවරණ රුපියල් 2000, රුපියල් 4000, සහ රුපියල් 8,000 වැනි ඉතා සුළු වාර්ක ම්ටටම යටතේ ඉහත සදහන් රක්ෂණ හිමිකම් සදහා දායක වීමට අවස්ථාව සලසාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති අතර ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top