පීඩාවට පත් සිසුන්ට සවියක්.. ඒ ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..
ඔවුන් සෑමදාකම පාහේ මේ අවදානම නිසා ගොඩක් පීඩාවට පත්වෙනවා..
පාසල් එන්නේ පවා හිතේ දෙගිඩියාවකින් වෙන්න ඇති..
මේ කියන්න යන්නේ අන්න ඒ දරුවන් ගැන ඇසෙන කතාවක්.. වනඅලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා..
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය ගත් තීරණයකට අනුවයි..
වනඅලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇතියි.. එසේම වන අලි ගම් වැදීම හේතුවෙන් දේපළ සහ වගා හානි වූ පවුලක දරුවන් හටද මීට අයදුම් කළ හැකියි..
2025-01-01 දින හෝ එම දිනෙන් පසු දිනකදී වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් ඒකකයක් විය යුතු අතර දැනටමත් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවෙකු නොවීමද මීට වැදගත් වෙනවා..
කෙසේ වෙතත්, 1ශ්‍රේණියේ සිට අපො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම මෙම මූල්‍යාධාරය ලබා ගැනීමට සුදුසුකමක් ලෙස සැලකෙන අතර, ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිරීක්ෂණය අනුව අම ආධාර ලබාදීමට යෝජනා කර තිබෙනවා..