"අනිවාර්යයෙන් වැඩි කරනවා..." ගාස්තුවේ වෙන්න යන වෙනස ගැන ගැමුණු කී කතාව මෙන්න..
Tuesday, 01 April 2025 - 13:10 | Views - 139
මේ කියන්න යන්නේ බස් ගාස්තු ගැන ඇසෙන තවත් එක විශේෂ කතාවක්..

දිනපතා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ඔබ මේ ගැන දැනගන්න උනන්දුවෙන් ඇති.. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. 

ජූලි මාසයේ අනිවාර්යෙන්ම බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

එමෙන්ම මේ වනවිටත් රුපියල් 03ක පාඩුවකින් බස්රථ ධාවනය කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඔහු මේ බව පවසා සිටියේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු මෙසේද සඳහන් කළා.

''ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මොකද මේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ ඒ වගේම මේ ඩීසල් මිල අඩු කරයි කියලා. නමුත් වගකීමෙන් මම කියන්නේ තව මාස දෙකයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම ජූලි, ජූනි, අප්‍රේල් අග වෙනකොට වාර්ෂික බස් ගාස්තුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අඩුවීම කෙසේ වෙතත්, අනිවාර්යයෙන්ම ජූලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඉතින් අපි මේක අවධානම පහුගිය දැන් සති දෙහෙකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යවරයා එක්ක අපි සාකච්ඡා කරා. අපි මේක සෘජුවම දැනුම් දුන්නා ඔහුට. කෙසේ වෙතත් ජූලි මාසය වෙනකොට මේ බස් ගාස්තු වැඩි වීමකට අපිට යන්න සිද්ධ වෙනවා.

අපි අඩු කරනවා තමයි. ඒක ප්‍රතිපත්තිමය විදිහට අපි කියන්නේ, බලාපොරොත්තු වෙන්න ඊළඟ මාස දෙක ඇතුළත බස් ගාස්තු වැඩි වීමක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා. මොකද ඒකට හේතුව තමයි අපි දිගින් දිගටම කිව්වා, බස්රථවලට වැට් ආදේශ කරලා තියෙනවා, බස් රථයේ මිල වැඩිවෙලා තියෙනවා කියලා, ඉතින් ඒකත් එක්ක අනිත් සාපේක්ෂව සියලුම පිරිවැයන් වැඩිවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා, ඒ කරුණු දොළහක් පදනම් කරගෙන, අපිට මේ වාර්ෂික බස් ගාස්තුවට යන්න සිද්ධ වෙනවා.

මොකද දැනටමත් අපි බස්රථ ඩීසල් රුපියල් තුනක් අඩුවෙන් පාඩුවට ධාවනය කරන්නේ. මොකද ජාතික ප්‍රතිපත්තිය අනුව ගියපාර ඩීසල් රුපියල් තිස් ගාණකින් අඩු වුණාම අපි සෘජුවම බස් ගාස්තුව සියයට හතරකින් අඩු කරා. ඒ නිසා ඒක යම්කිසි පරස්පර විරෝධතාවයක් තියෙනවා ඒකෙත්. කෙසේ වෙතත් තව මාස දෙකක් යන කොට ජනතාවට මේකේ ප්‍රතිලාභය ඒ කියන්නේ මේ වැඩිවීමේ ප්‍රතිලාභය ජනතාවට භුක්ති විඳින්න සිද්ධ වේවි.''
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top