සංශෝධිත ඉන්ධන මිල හමුවේ ත්‍රීවිල් සහ පාසල් ළමුන් ප්‍රවාහන සේවාවන්ගෙන් රතු එළියක්..
Tuesday, 01 April 2025 - 11:59 | Views - 186
ඊයේ දින ඉන්ධන මිල ගණන්වල සංශෝධයක් සිදුවුණා..

ඒ අනුව සිදුවූ වෙනස්කම් මත මෙන්න මේ ප්‍රවාහන සේවාවල මිල ගණන්වල අඩුවක් සිදුවේවිද..?

මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවට වාර්තා වෙනවා.. බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය විසින් මේ බව පවසා තිබුණා..

එහි සභාපති, ලලිත් ධර්මසේකර පැවසුවේ,ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත්විය යුතු බවයි..

එසේම ඩීසල් මිල සදහා සහනයක් නොලැබුණහොත් පාසල් ළමුන් ප්‍රවාහන සේවාවෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා...

එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි මේ බව කියා සිටි අතර ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ සදහා රජය වහා මැදිහත් විය යුතු බවයි...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top