ගෑස් නලයක් පුපුරා යයි.. දැවැන්ත ගින්නක් ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන කතාව මෙන්න..
ඒ තවත් නොසිතූ මොහොතක වාර්තා වූ පුවතක්.. මේ වගේ දරුණු අනතුරක් සිදුවෙන්නේ කොහොමද..?
එරට වැසියන් මේ ගැන අසා තවමත් සිටින්නේ කම්පනයෙන්..
මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් අසල සෙලන්ගෝර් ප්‍රාන්තයේ පුත්‍ර හයිට්ස් හි දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා...
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගෑස් නලයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන ඇති බවයි..
ඒ හේතුවෙන් අවට නේවාසික ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ ජනතාව වෙත දැනුම්දී තිබෙනවා..
මේ සිද්ධියෙන් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවට එරට බලධාරීන් පවසනවා.. ඒ අතරින්, තුවාල ලැබූවන්ගෙන් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි එම ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ..