නව ජල සැපයුම් ඉල්ලුම් කිරිමේ ක්‍රමය ගැන ඔබත් හරියටම දැනගන්න..
නල ජලය ලබාගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබට ඇත්තටම මේ ආරංචිය නම් ගොඩක් වැදගත් වේවි..
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට පහසුකම් සලසා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා...
ඊට අදාල අයදුම්පත් WATER BOARD.LK වෙබ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ...
ඒ අනුව, අදාළ ඉල්ලීම සිදුකර සති දෙකක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙනු ඇති...
ඒ පිළිබඳව නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක අතර ඉදිරි සතිය තුළ එමගින් ජල සැපයුම් ලබා දීමට කටයුතු කරනු ලබන බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා...