මොන තරම් ගුණදායක වුණත් මෙන්න මේ වගේ වෙලාවට තැඹිලි වතුර බොන්න එපා..
Sunday, 30 March 2025 - 16:49 | Views - 387
අපි ගොඩක් දෙනෙක් නිතර දෙවේලේ කියන දෙයක් තමයි ඇඟ නිවෙන්න තැඹිලි ගෙඩියක් බොන්න කියන එක..

ඒත් ඉතින් තැඹිලි බිව්වාම මෙහෙම දේවලුත් වෙනවා කියලා සමහරවිට ඔයා දැනගෙන ඉන්න නැතුව ඇති.. අපි කවුරුත් ආසාවෙන් බොන තැඹිලි වතුරවල ඇති ගුණ වගෙම අගුණත් ඔබ දැනගෙන ඉන්න එක වැදගත්..

වකුගඩු රෝගවල දී තැඹිලි වතුර පානය නුසුදුසු වන අතර, සර්පයින් දෂ්ට කළ අවස්ථාවල දී තැඹිලි වතුර පානයෙන් වැළකී සිටින්නේ නම් වඩා හොඳයි.. ඒ වගේම සෙම් රෝගවල දී තැඹිලි අගුණයි...

ලේ දන් දී පැමිණි අවස්ථාවක දී තැඹිලි පානය ඔබට අහිතකර විය හැකියි.. ඒ නිසා මෙවැනි අවස්ථාවලදී ඔබ තැඹිලිවතුර පානය කිරීමෙන් වැලකී සිටීම වැදගත්.. කොහොම වුණත්, තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා.. බටහිර ඖෂධ අධි මාත්‍රාවකින් ශරීර ගතවුණොත් එහි විස නසන්න තැඹිලිවලට හැකියි... ආහාර වර්ගවල තිබෙන පළිබෝධ නාශක අමතර කොටස් හා ආසනික්, කැඩ්මියම් වැනි බැරලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් තැඹිලි වතුර භාවිත කරනවා..

ඒ වගේම තැඹිලි වතුර භාවිතය නිසා,
- දියවැඩියා රෝගය ඇතිවිට ලපටි තැඹිලි වතුර පානය කිරීම ගැටලුවක් නෑ
- තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් හේතු වෙනවා.එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ට ආහාරයක්ද වනවා.
- තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත් බව සොයාගෙන තිබෙනවා.
- තැබිලි වතුර වල සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවණ වර්ග තියෙන නිසා, ලිංගික සරු බවට සහ මඳ සරු බව දුරැ කරන්නත් හොඳ ඖෂධයක්.
- මහලු අයට වගේම ඝන ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබාදෙන්න පුළුවන් විශිෂ්ට පෝෂණීය පානයක්
- මවු කිරිවල තිබෙන ලෝරික් අම්ලය තැඹිලි වතුරෙහිද අඩංගුවන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ගුණදායකයි.
- ගර්භණී මවුවරුන්ද තැඹිලි වතුර පානය කිරීම ඉතා සුදුසුයි. ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්වලදී තැඹිලි වතුර පානය කිරීමෙන් විස්මිත ගුණ ලැබෙනවා.
- මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් තැඹිලි වතුරට ඇති නිසා මුත්‍රා පිටවීමේ අපහසුවෙන් පෙළෙන අයට මුත්‍රා පිටවීම පහසුවීමට තැඹිලි පානය කරන්න.
- ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.
- කුඩා දරුවන්ට වැළෙඳන බඩ අජීර්ණයන් හා බඩ පිපුම වැනි තත්ත්වයන් සමනය කිරීමට තැඹිලි වතුර ගුණදායකයි.
- ශරීරයෙහි උෂ්ණ ගතිය මගහැර ශරීරය සිසිල් කිරීම තැඹිලි වතුරින් සිදුවේ.
- ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමේ අපූරු ගුණයක් තැඹිලි වතුර සතුය.
- ශරීරයේ නැවුම් බවට හේතුවන තැඹිලි වතුර නිතර නිතර පානය කිරීමෙන් ඔබ ශරීරය නැවුම් වේ.
- රුධිරය පිරිසිදු කරනා අතරම රුධිරයේ ඇති විෂ කොටස් විනාශ කර දමයි.
- රුධිර සංසරණය හොඳින් සිදුවෙයි.
- ධමනිවල ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය නැතිකිරීම නිසා කොලෙස්ටරෝල් ඇති අයට වඩාත් සුදුසුය.
- වමනය නැති කරයි.
- ශරීරයේ ශක්තිය ඇති කිරීම සඳහා උදව් වේ.
- මාංශ පේෂිවල වැඩීම ඇති කරයි.
- ශරීරයෙහි බර අඩුවීම නැතිකර බර වැඩිවීමට මගපාදයි.
- ශරීරයෙහි ප්‍රතිශක්තිය වැඩිකර ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අයුරින් ශරීරය හැඩගස්වයි.
- වෛරස් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මනා අයුරින් හිමිවීමට තැඹිලිවතුර පානයට ගන්න.
- දියවැඩියාව ඇත්තන්ට තැඹිලි වතුර පානය කිරීමට බියක් ඇති කරගත යුතු නොවේ.
- පිළිකා සෑදීම සඳහා ඇති අවදානම නැති කිරීමට මෙයට පුළුවන.
- මුත්‍රා ගල් හැදීම අඩුකරන බැවින් එම රෝගයට ගොදුරු වී සිටි අයට මෙන් ම එම රෝගය වැළඳීමට ඉඩකඩ ඇති අයට උචිතයි.
- මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට එම රෝග තත්ත්වයෙන් මිදීමට උදව් වේ.
- කුඩා දරුවන්ගේ පණු රෝගවලට ගුණදායකය.
- සන්ධි රෝගවලට අපූරු ගුණදායක බවක් ගෙන දේ.
- පිත්තාශයේ රෝගවලට හොඳය.
- සමෙහි සුසිනිඳු බව ආරක්ෂා කරයි.
- හිස් කබලෙහි ඉස්හොරි සෑදීම වළක්වයි.
- අකලට කෙස් පැසීම රෝගයෙන් පීඩාවිඳින තරුණ තරුණියන්ට තැඹිලි වතුර බීම කදිම පණිවුඩයකි.
- දිලීර රෝගයක් සෑදුණු අවස්ථාවල දී තැඹිලි වතුර බීමෙන් ඉන් ඉවත් විය හැකිය.
- බැක්ටීරියා නැසීමේ ගුණයක් ඇත.
- බඩවැල්වල හැදෙන පණුවන් විනාශ කරයි.
- උණසන්නිපාතය, මැලේරියාව වැනි රෝගවලට ගුණදායක වේ.
- හිසරදයට කදිමය.
- ධමනිගත රෝගවලට ගුණදායකය.
- ගලගණ්ඩය සැදී ඇති අයට මනාය.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top