ලෝක බලවතෙකුටත් මෙහෙම වෙන්න පුළුවන්ද..? ඔහුගේ නිල බලඇණියේ සුඛෝපභෝගී රථයක් ගිනිගනී..
ඔහු ලෝකයේම බලවතෙක්.. ඒ නිසාම මේ පුවත බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වුණු කරුණක් වුණා...
මොකද්ද මේ කියන්න යන කාරණය..
මේ රුසියානු ජනපති ගැන ඇසෙන කතාවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල බලඇණියේ සුඛෝපභෝගී limousine රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා...
මොස්කව්හි ෆෙඩරල් ආරක්ෂක සේවයේ (FSB) මූලස්ථානය අසළ මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන්...
එය ඔහුගේ ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ...
එන්ජිමෙන් ගිනිදැල් පුපුරා ගිය බවයි සිදුවීම සියැසින් දුටුවන් ප්‍රකාශකර සිටියේ...
සිද්ධියේ දර්ශනවල limousine රථයෙන් නිකුත් වන ඝන කළු දුමාරයක් පෙන්නුම් කළ අතර, මෝටර් රථයේ පිටුපස දෘශ්‍යමාන හානියක් දක්නට ලැබී නැහැ...