ඒ සිද්ධියට තවත් තිදෙනෙක් රිමාන්ඩ්.. ගමක් කම්පනයට පත් කළ ඒ සිද්ධිය ගැන ඇසෙන කතාව මෙන්න..
තවමත් මේ මරණ ගැන බොහෝ දෙනාගේ හිතේ ඇත්තේ අඳුරු මතකයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් අලුත් කතාවක්.. දෙවිනුවර, වෙඩිතැබීමට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා...
ඒ එම සැකකරුවන් අද (29) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි..
එහිදී නියෝග කෙරුණේ සැකකරුවන් ලබන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි..
එම සැකකරුවන් අවුරුදු 29 44, 23, 30 වයසේ පසුවන ගන්දර සහ දෙවිනුවර පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ..
වෙඩිතැබීම සම්බන්ධයෙන් ආධාර අනුබලදීම යටතේ ඉකුත් 21 දින අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත අද (29) දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කළා..