ඔබත් වයස අවුරුදු 60ට වැඩි අයෙක්ද..? එහෙනම් ඒ අවදානම ගැන ඔබත් දැනුවත් වෙන්න...
මෙරට බෝ නොවන රෝග ඇතිවීම ගැන විවිධ අවස්තාවලදී විවිධ කතා නිර්මාණය වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් පුවතක් ගැන ඇසෙන කතාවක්..
මෙරට වාර්ෂිකව සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%ක් බෝනොවන රෝග හේතුවෙන් සිදුවන මරණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා...
ඔහු මේ බව කියා සිටියේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්..
මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය දත්තවලට අනුව වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගෙන් 35%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.. එසේම, ඒ අතරින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂික ව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන අතර, ඉන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂික ව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා හිටියා..
එමෙන්ම මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර, අමාත්‍යවරයා පැවසුවේ ඒ අතරින් 41%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි..