සුදු ගල් පර්වතයකින් මැවුණු නිසල බුදුරුව.. video
එය තවත් එක ප්රාතිහාර්යක් කියලා ඇත්තටම කියන්න පුළුවන්..
මේ වගේ බුදු රුවක්, එය දුටු විගස මොන තරම් නම් හිත නිවෙනවාද..?
මීට මාස හතරකට ඉහත දී ගලේවෙල දේවහුව ප්රදේශයේ ගල් වලකින් මහ පොලොව යට තැන්පත්ව තිබුණු සුදු පැහැදී විශාල ගල් පර්වතයක් ගොඩට ගෙන තිබුණා.. ඉන් අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්රතිමාව වහන්සේ නමක් තනවා අවසන් කළ පුවතක් වාර්තා වන්නේ දඹුල්ල ප්රදේශයෙන්..
දඹුල්ල ජල ක්රීඩා හා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජික සමාජිකාවන් තම ගුරුවරයා වූ විශ්රාමික උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහගේ විශ්රාම ගැන්වීම සිහිකිරීම සහ උප පොලිස් පරීක්ෂකවරයා සිදු කළ අනුපමේය සේවය ඇගයිම සඳහා මෙලෙස අදාල පිළිමය නිර්මාණය කර තිබුණා..
දඹුල්ල ඉබ්බන් කටුව ප්රදේශයේ පදිංචි ඩබලිව්. එච් ගාමිණි ශෙල්ටන් ජයවීර නැමති ගල් වඩුවෙක් විසින් මෙය ඉඳිකරවා ඇති බවයි වාර්තා වෙන්නේ.. ඔහු දින 28ක කාලයක් ඇතුළත බුද්ධ ප්රතිමා වහන්සේගේ සියලු වැඩ අවසන් කොට තිබුණා..