බවුසරය පෙරළී දෙදෙනෙක් ජීවිතක්ෂයට..
Thursday, 27 March 2025 - 12:45 | Views - 262
බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්රපාතයට පෙරළී ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (26) රාත්රී 12ට පමණ සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් කලවාන රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන්.
මෙසේ මියගොස් ඇත්තේ, බුලත්සිංහල ප්රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වනවා.
අධික බෑවුම් සහිත මෙම ප්රදේශයේ දී බවුසර් රථයට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලීසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත්, අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කලවාන පොලීසිය සිදුකරනු ලබනවා.
Share This Article