"රෝස මල් තුන වෙනුවෙන් හරි ඔයා ජීවත් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කළත්, ඔයාත් නොයෙන්නම යන්න ගිහින්.." සරසවි අඳුරුතුමාත් , බිරිඳත් නොයෙන්නම ගිය කතාවේ තවත් අඳුරු මතකයක්..
Thursday, 27 March 2025 - 9:50 | Views - 451
පසුගිය දා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි ඇය ද පසුගියදා සිදු වූ රිය අනතුරින් පසුව බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් යුතු ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත.

මිය ගිය සතිෂා නිලන්ති මහත්මිය ද විශ්වවිද්‍යාල කථිකාචාර්‍යයවරියකි.

පසුගිය දා ආචාර්යවරයා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳගේ පවුලේ උදවිය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී යි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් ආචාර්ය ගයන්ත මහතා ඒ මොහොතේම ජීවිතක්ෂයට පත් විය.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ, බිරිදගේ බාල සහෝදරයා හා බිරිඳගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර බිරිඳගේ මව හා දරුවන් තිදෙනා ම සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණි.

එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි සතීෂා නිලන්ති මහත්මියගේ සහෝදරයා ද පසුගියද ජීවිතක්ෂයට පත් විය.

අද දිනයේ දී ජීවිතක්ෂයට පත් වූ සතීෂා නිලන්ති මහත්මිය මියයන විට 42 හැවිරිදි වියෙහි පසුවූ තුන් නිවුන් දරුවන්ගේ මවකි.

සතිෂා නිලන්ති මහත්මිය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර 1983 වර්ෂයේ උපත ලබා තිබෙයි.













Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top