" පරිත්‍යාගශීලීන් 40ක් දැනටමත් රෙජිස්ටර් වෙලා.. " ඔබත් දායක වෙන්න කැමතිනම් මේ අංකයන්ට අමතන්න..
Wednesday, 26 March 2025 - 14:27 | Views - 192

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කෙරුණු ශුක්‍රාණු ධාතු බැංකුවට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත්, ඔවුන්ට පිළිවෙලින් ඒ සඳහා අදාල දින ලබා දෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

මෙරටදී ප්‍රථම වතාවට මෙවැනි ශුක්‍රාණු ධාතු බැංකුවක් ආරම්භ කෙරුණේ ඉකුත් දෙසම්බර් 04 වැනිදා බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් වෛද්‍ය අජිත් දන්තනාරායන ප්‍රකාශ කළේ.

මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණයි.

ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා ඉදිරිපත් වන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතුයි.

මේ සඳහා දායක වීමට කැමතිනම් 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකියි. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top