රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් 1දා සිට..
Wednesday, 26 March 2025 - 12:55 | Views - 476

2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීම 2025.04.01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. 2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 2025.01.01 වැනිදා සිට බලාත්මක කෙරෙන අප්‍රේල් මස පළමු වැනිදා සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය ඊයේ (25) නිකුත් කළ බව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ සඳහන් කළේ.

ඒ අනුව, 2019.04.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2019 අනුව ගෙවනු ලබන රුපියල් දෙදහස් පන්සීයක මාසික අන්තර් දීමනාව සහ 2022.01.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2022 අනුව ගෙවනු ලබන රුපියල් පන්දහසක මාසික දීමනාව නව වැටුප් පරිමාණ තුළ අන්තර්ගත කර තිබෙනවා.

2024.12.31 වැනි දිනට අදාළ වැටුප් පරිමාණවල සිට මෙම චක්‍රලේඛයෙහි නව වැටුප් පරිමාණවලට වැටුප් පරිවර්තනය කිරීමට පියවර තැබීමේ ක්‍රමය යටතේ සිදු කළ යුතුය යන්න චක්‍රලේඛයේ සඳහන් වන අතර ඒ ඒ සේවාවන්ට වැටුප් වැඩි වීම සිදුවන ආකාරය චක්‍රලේඛයේ නියමිත පරිදි දක්වා තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top