රිය අනතුරෙන් මියගිය කැළණි විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට.
Wednesday, 26 March 2025 - 11:10 | Views - 635

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්. ඩී. ගුණේන්ද්‍ර ගයන්තගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රිය අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද දිනයේ මියගිය බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ බිරිඳගේ සහෝදරයාද අනතුරෙන් මීට පෙර මියගියා.

ඒ අනුව, මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ 48 දශම 5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මීරිගම දෙසට ධාවනය වූ මෙම පිරිස රැගත් වෑන් රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවුණේ, පසුගිය 18 වනදායි.

සිද්ධියෙන් ආචාර්යවරයාගේ දරුවන් තිදෙනා ද තුවාල ලැබූ අතර, ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top