මුහුදු ගිය පියා එනතෙක් කල්යන , දෙවුන්දර සිද්ධියෙන් මියගිය පසිඳුගේ අවසන් කටයුතු... (Video)
Wednesday, 26 March 2025 - 9:00 | Views - 1,119

මාතර - දෙවුන්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පසිඳු තාරක නමැති තරුණයාගේ අවසන් කටයුතු සිදු කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි වාර්තා වනවා.

ඒ, ඔහුගේ පියා ධීවර රැකියාව සදහා මුහුදු ගොස් සිටීම හේතුවෙන්.

සිය පුත්‍රයා වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බවට මේ දක්වා පියා දැනුවත් කිරීමටද හැකි වී නොමැති බවයි වාර්තා වුණේ.

පසුගිය 21 වැනිදා සිදු වූ මෙම ඝාතනයෙන් මියගිය යොමේෂ් නදීෂාන්ගේ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා සිදු කෙරුණා.

එමෙන්ම මෙම ඝාතනය, විදේශයක සැඟව සිටින දෙහිබාලේ මල්ලී නැමැත්තාගේ සහෝදරයා හා යොමේෂ් නදීෂාන් අතර ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

යොමේෂ් සහ පසිඳු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ මිතුරෙකුගේ නිවසක තිබූ උපන්දින සාදයකට සහභාගී වී ආපසු යමින් සිටයදීයි.

මේ අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 30 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 05ක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගන්දර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් පොලිසිය පසුගිය 05 වැනිදා සොයාගත් අතර අදාළ මොටර් රථය මෙම ඝාතනය සඳහා භාවිත කිරීමට සැකකරුවන් සැලසුම් කර තිබූ බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ මෝටර් රථය සොයාගන්නා විට එහි අංක තහඩු වෙනස් කර පැහැයද වෙනස් කර තිබෙනවා.  






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top