කෝටි දෙසීයකට වැඩි වත්කම්... ජයකොඩි වලව්වේ බිරියගේ දේහය, රියැදුරුට භාරදෙයි.. (Photos)
Tuesday, 25 March 2025 - 12:41 | Views - 20,128
හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කමලවර්ණ ජයකොඩි හෙවත් ගණේමුල්ල, වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේ හිමිකරුගේ බිරිය වන එම වලව්වේ හිමිකාරිය බව කියන කාන්ති ස්වර්ණමාලී මීදෙණිය ජයකොඩි මහත්මිය මිය යාමෙන් පසුව, එම දේහය ඇයගේ රියැදුරු වන කේ.ඒ.ඩී. රෝහිත යන අයට භාරදී ඇති බවට පුවතක් මෙරට ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ඒ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද නියෝගයකට අනුවයි.

මිය යන විට 74 වැනි වියේ පසුවූ කාන්ති ස්වර්ණමාලී මීදෙණිය ජයකොඩි මහත්මියව, අවසන් කාලයේදී රැකබලාගෙන ඇත්තේ ඇගේ රියැදුරු විසින් බව සඳහන්.

මියගිය කාන්තාවගේ මෘත දේහය එසේ ඇයගේ රියැදුරු වෙත භාර දීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ, එම මෘත දේහය භාර ගැනීමට පවුලේ ඥතීන් විශාල පිරිසක් ඉදිරිපත්ව ඇති නිසාවෙන්.

ඒ අනුව ඇයගේ මළ සිරුර දින හයක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා අනතුරුව මෙලෙස රියැදුරුට භාරදීමට කටයුතු කර තිබෙනවා.

කාන්ති ස්වර්ණමාලී මීදෙණිය ජයකොඩි මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ගණේමුල්ල, වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේදී මියගොස් ඇත්තේ මීට දින හතකට පමණ පෙරදී බව සඳහන්.

අනතුරුව රාගම ශික්ෂණ රෝහලේ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණයව ඇත්තේ මෙම මරණය රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් වන බවයි.

අනතුරුව ඇයගේ මෘතදේහය ඇයගේ රියැදුරා විසින් භාරගෙන එය ගණේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පිහිටි ජයකොඩි වලව්ව වෙත ගෙන ගොස් පසුගිය 22වැතිදා පොල්හේන පොදු සුසාන භූමියේදි අවසන් කටයුතු සිදුකර තිබෙනවා.

එම කාන්තාව මිය යන විට ඇය සතුව රුපියල් කෝටි දෙසීයක් පමණ වත්කම් තිබී ඇති බව සඳහන්.

එම පරපුර විසින් ගණේමුල්ල, කොමාන්ඩෝ යුද හමුදා කඳවුරට, වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයට සහ ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන රැසකට තමන් සතු ඉඩ කඩම් රැසක් නොමිලේ පරිත්‍යාග කර ඇති බවත් සඳහන්.

උපුටා ගැනීම - දිනමිණ  





















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top