''චිකුන්ගුන්යා'' ව්‍යාප්තිය ඉහළ ට.. ප්‍රවේශම් වන්න.. (Video)
Tuesday, 25 March 2025 - 11:03 | Views - 606
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ සහ වෛරස් උණ රෝගයක් වන ''චිකුන්ගුන්යා'' ව්‍යාප්තියේ ඉහළ යෑමක් මේ දිනවල වාර්තාවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

රෝග ලක්ෂණ ඇති රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ ලබා ගත යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන හැකි තරම් විනාශ කිරීමෙන් පමණක් චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස පාලනය කළ හැකි බවයි.

ඩෙංගු මදුරුවා මගින් ව්‍යප්ත වන ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන චිකුන්ගුන්යා වෛරසය පළමු වරට සොයාගනු ලැබුවේ 1953 වසරේදීයි.

අප්‍රිකාව, අමෙරිකාව, ඉන්දියාව වැනි රටවල්වල මෙම රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර වසර ගණනකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවලින් ද රෝගීන් සුලබවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

‘ඊඩ්ස් ඊජිප්ටයි’ සහ ‘ඊඩ්ස් ඇල්බොපික්ටස්’ යන මදුරුවන් දෙවර්ගයම මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරනවා.

එමෙන්ම, රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද මෙම රෝගය පැතිරීම සිදුවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

බාල, මහලු ඕනෑම අයෙකුට වැළඳිය හැකි චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ බොහෝ දුරට ඩෙංගු රෝග ලක්ෂණවලට සමාන වනවා.

පළමු දින කිහිපය තුළ තද උණ සමග හිසරදය, ශරීරයේ රතු පැහැති ලප හෝ ශරීරය පුරා රතු පැහැවීම, නාසය, අත් සහ පාද අව පැහැ ගැන්වීම මෙම රෝගයේ ලක්ෂණයි.

එමෙන්ම මේ සමග ඇතිවන හන්දිපත් වේදනාව දිගු කාලයක් පැවතීමේ අවදානමක් ද පවතිනවා.

මෙම රෝගයට මේ වන තෙක් නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති නිසා රෝගීන්ට ලැබිය යුතු ප්‍රධානම ප්‍රතිකාරය විවේකය බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග මදුරුවන් බෝවීම ඉහළ යා හැකි අතර, එවැනි ස්ථාන විනාශ කර මදුරුවන් බෝවීම පාලනය කිරීමෙන් පමණක් චිකුන් ගුන්යා ව්‍යප්තිය අවම කරගත හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

දින කිහිපයක් පවතින උණ, රාත්‍රී කාලයේ කැස්ස, ආහාර අරුචිය, ශරීර බර අඩුවීම ඇතුළු ලක්ෂණ දින කිහිපයක් පවතින්නේ නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top