අලු කෙසෙල් කෑවොත් , මෙහෙම වෙනවා කියන්නේ ඇත්තක් ද?
Tuesday, 25 March 2025 - 10:25 | Views - 531
පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ’ බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැලපදියම් වුණු කතාවක්. 

ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අළු කෙසෙල් කෑවම ලිංගික අවශ්‍යතාව හීන වෙනවා කියලා. ඒත් ඒ කතාව මිත්‍යාවක් බව ඔබ දන්නවද? අද වන විට ඒ කතාව සත්‍යය යැයි කියන්නට විද්‍යාත්මකව සොයාගත් කරුණු කාරණා නැති බවමේ වෙකොට හෙළිවෙලා තියෙනවා.


අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවේ, නේපාලයේ, මලයාසියාවේ, දකුණු අප්‍රිකාවේ, දකුණු අමෙරිකාව වගේ රටවල බොහොම සරුවට වැඩෙනවා. smusa sapienpum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අලු කෙසෙල් රසවත් ව්‍යංජනයක් ලෙස හදා ගන්න ගෘහනියකට හැකියි.

ඒ වගේම අලු කෙසෙල් සිහින්ව පෙති කපා තෙලෙහි බැද සලාදයක් ලෙසත් පිළියෙල කරගන්න හැකියාව තිබෙනවා. අවුරුදු කාලයට සැකැසෙන හත්මාළුව සඳහාත් අලු කෙසෙල් යොදා ගන්නවා. මේ කුමන ආකාරයට සකසා ගත්තත් අලු කෙසෙල් කියන්නේ මනා පෝෂණ ගුණයෙන් යුක්ත එලවළුවක්.

අලු කෙසෙල්වල ගුණ

අලු කෙසෙල්වල අඩංගු තන්තුමය කොටස් නිසා මළ බද්ධයට කදිම ඖෂධයක්. ඒ නිසා මළ බද්ධයෙන් පෙළෙන අයට අලු කෙසෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් එම රෝගයෙන් වැළකීමේ හැකියාව ලැබෙනවා.

අර්ශස් රෝගය සෑදී තිබෙන හා අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයට වගේම එම රෝගයෙන් වැළකී සිටීමට නම් අලු කෙසෙල් ආහාරයට ගන්න එක හොඳයි.

බඩ දැවිල්ල ඇතිවෙන අවස්ථාවලදී ඊට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් එළවළුව හැඳින්විය හැකියි.

බඩ පුරවා දැමූ අවස්ථාවල කෑමට ගුණ දායක ආහාරයකි.මුත්‍රා ගල්වලට වඩාත් සුදුසුය. පිත්තාශයේ ගල් ඇතිවීමද වළක්වයි.අජීර්ණයක් ඇතිවූ අවස්ථාවලදී අලු කෙසෙල් උයා ආහාරයට ගැනීමෙන් අජීර්ණය සුව වෙයි.පහසුවෙන් දිරවන ආහාරයක් නිසා දිරවීමට අපහසුතා ඇතිවීම වළක්වයි.

ඔබත් බඩගිනි නොවන රෝගයෙන් පෙළෙන්නේද? එසේ නම් ඔබත් අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් බඩගින්න ඇති වෙයි.ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.

මේ නිසා කොලෙස්ටරෝල් වලට ගුණදායකයි. එම රෝගයෙන් පෙළෙන රෝගීන්ට අලු කෙසෙල් කෑමට බිය විය යුතු නොවෙයි.දියවැඩියාවට බෙහෙවින් ගුණදායකයි.පිළිකා නාශක ගුණයක් කෙසෙල්වල තිබෙයි.සමේ රෝගවලට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් ආහාරයට එක් කර ගන්න.අසාත්මිකතා නැති කර දමයි.

පණු රෝග වලට යෝග්‍ය බැවින් අලු කෙසෙල් කෑමට ගන්න.ලේ හිඟකමෙන් පෙළෙන (නීරක්තය) අයට අලු කෙසෙල් කෑම වඩාත් යෝග්‍යයි.ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට අලු කෙසෙල් වලට ඇත්තේ අපූරු ගුණයකි.

හෘදය ක්‍රියාකාරීත්වයට ගුණදායකයි.ශරීරයේ ප්‍රතිශක්තිය වඩවයි.ශරීරයේ ජල සමතුලිතතාවය ආරක්ෂා කරයි.පුංචි ළමයින්ගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩිකරන නිසා පුංචි ළමයින්ට වඩාත් සුදුසු එළවළුවකි.රෝගයක් සෑදීමෙන් පසුව ශරීරය දුර්වල වූ අවස්ථාවලදී බත් සමග අලු කෙසෙල් දීමෙන් ශරීරය ශක්තිමත් වෙයි.

ඉතින් මේ වගේ ගුණවත් කෑමක් අර එක බොරු කතාවක් හිංදා අත්හරින එක අපරාධයක් නෙවෙයිද? හැබැයි මේ වගේම තමයි අළු කෙසෙල් හදනකොට දිනපතා කන්න හොඳ නෑ කියලා කියනවා ඒ වගේම වකුගඩු රෝගයෙන් පෙළෙන අයටත් අළුකෙසෙල් සුදුසු නෑ කියලා තමයි සඳහන් වෙන්නේ.


උපුටා ගැනීමක්... 
 
 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top