පැටවූ තුන්දෙනාගේ උපන්දිනය සමරන්නත් සුදානම් කරලා , පාලනය කරගත නොහැකි වූ වේගයෙන් ඇවිත්..
Tuesday, 25 March 2025 - 8:38 | Views - 449

මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ බිහිසුණු අනතුරින් බරපතල තුවාල ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්තගේ බිරිය සතිෂා නිලන්ති සම නිවුන් දරුවන් තිදෙනා සහ බිරියගේ මව තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.

මෙම අනතුරින් බරපතල තුවාට ලැබූ (බිරියගේ සොයුරා) රවිඳු තීක්ෂණ ද දින කිහිපයකට පසු පෙරේදා දිවි ගමනට සමුදුන්නා.

ගුනේන්ද්‍ර ගයන්ත ආචාර්‍යවරයා ඇතුළු පවුලේ පිරිස මෙම බිහිසුණු අනතුරට මුහුණපා තිබුණේ, යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වී, ආපසු පැමිණෙමින් සිටියදීයි.

වෑන් රථයක් කුලියට ලබාගෙන මෙම ගමන ගොස් තිබූ අතර රියදුරු 160 kmph ක උපරිම වේගයකින් ගමන් කරද්දී රථය පාලනය කරගත නොහැකිව ලොරියක පසුපස වැදී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

කැලණි විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානි ලෙස කටයුතු කළ ගුනේන්ද්‍ර ගයන්ත විද්‍යාර්ථීන් අතර ප්‍රකට නමක් දිනා සිටි අතර ඔහුට අවසන් ගෞරව දක්වන්නට විශ්ව විද්‍යාලයටද දේහය රැගෙන ගොස් තිබුණා.

මෙම සම නිවුන් දරුවන් තිදෙනාගේ වයස 02 උපන් දිනය ලබන අප්‍රේල් 01 වනදාට යෙදී තිබෙන අතර ඒ සඳහා පිංකමක් සමග උපන්දින සාදයක්ද ආචාර්යවරයා සූදානම් කර ඒ සඳහා ඥාතීන්ට ආරාධනා කර තිබූ බවද සදහන්.  





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top