වැඩිහිටි අයට කවුරුත් නොසිතූ පොලී අනුපාතිකය හිමිවෙන්නේ මෙහෙමයි..
Saturday, 22 March 2025 - 15:37 | Views - 498
2025 අයවැය යෝජනාවලට අනුව 2025 ජූලි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පත් සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

බදු අය කර ගැනීමේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහාත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බදු නිදහස් සීමාවට වඩා අඩුවෙන් ආදායම් උපයන්නන්ගේ පහසුව සඳහාත් අදාළ පුද්ගලයා විසින් තම ආදායම පිළිබඳ ප්‍රකාශයක් බැංකුවට හෝ අදාළ මූල්‍ය ආයතනය වෙත ලබාදීම පදනම් කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ තක්සේරු ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් පොලී ආදායමට ප්‍රභවයේදී සියයට 10 ක් රඳවා නොගැනීමට අවශ්‍ය කටයුතුත් කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය උපදෙස් බැංකු සහ මූල්‍ය ආයතනවලට ලබාදෙමින් තිබෙනවා. ළමා තැන්පතු සඳහාත් මෙම ක්‍රමවේදය වලංගු වන අතර එහිදී ළමයාගේ භාරකරු මේ සඳහා මැදිහත් විය යුතු අතර ඔහුගේ හෝ ඇයගේ ආදායම හා ලබාදෙන ප්‍රකාශය සලකා බැලීමෙන් අදාළ කටයුතු සිද්ධ කරනවා. මෙම යෝජනා ක්‍රමය අනුව වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුරවැසියන්ට අදාළ වෙනවා.

බැංකු කිහිපයක මෙම තැන්පතු තිබුණත් එය නොසලකා හරිමින් තැන්පතුකරුවෙක් එක් තැන්පතුකරුවෙක් වෙනුවෙන් උපරිම තැන්පතු මුදල රුපියල් මිලියනය දක්වා වලංගු වෙනවා. තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුළු තැන්පතු මුදල රුපියල් මිලියනය නොඉක්මවන තාක්කල් බැංකු කිහිපයක මේ ස්ථාවර තැන්පතු විවෘත කිරීමට පුළුවන්. මෙම යෝජනා ක්‍රමය යටතේ තැන්පතු සඳහා වසරක කාලයක් පවතින අතර පොලිය මාසිකව ආපසු ගත යුතුයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top